Athikramana Course – FAQ

පාඨමාලාව – අතික්‍රමණ පාඨමාලාවේ උගන්වන්නේ කුමන මාධ්‍යයෙන්ද?

Athikramana පාඨමාලාවේ උගන්වන්නේ සිංහල මාධ්‍යයෙනි.
නමුත් වෙබ් පිටුව, වෙබ් ඇප් එක සහ ඊමේල් භාවිතා කිරීම සඳහා අවශ්‍ය මූලික මට්ටමේ ඉංග්‍රීසි සහ පරිගණක/තාක්ෂණික දැනුමක් යම්තාක් දුරට හෝ තිබීම සුදුසු වේ.

පාඨමාලාව – අතික්‍රමණ පාඨමාලාවේ උගන්වන්නේ මොනවාද?

බටහිර මනෝ විද්‍යාව, නියුරෝණ විද්‍යාව, පුද්ගල වර්ධන ක්‍රමෝපායන්, භාවනා ක්‍රම ආදී විවිධාකාර 
දැනුම් පද්ධතීන් තුල ඇති මෙවලම් පරීක්ෂාවට භාජනය කොට, 
ඒවායින් වඩා ඵලදායී හා ධනාත්මක ප්‍රතිඵල ලබා දෙන මෙවලම් පමණක් ඉතාම සියුම් ලෙස 
සංකලනය කොට 
මෙම පාඨමාලාව නිර්මාණය කොට ඇත.

මෙම පාඨමාලාව හරහා ඔබ වෙත ගෙන එන විෂයය අතුරින් සමහරක් පහත දැක්වේ:

  •  ඕනෑම විෂයයක් ඉගෙන ගැනීමේ වේගය වැඩි කිරීමේ ක්‍රමවේද.
  •  මතක ශක්තිය වර්ධනය කරන ක්‍රම.
  •  දෙවන භාෂාවක් අධිවේගයෙන් ඉගෙන ගන්නා ආකාරය.
  •  නිවැරදි පරිදි ජීවන ඉලක්ක ස්ථාපිත කර ගන්නා ආකාරය.
  •  ලොව අග්‍ර ගණයේ බුද්ධිමතුන් හා ව්‍යවසායකයින් කාලය කලමණාකරන ක්‍රමවේද.
  •  කියවීමේ වේගය වැඩි කරන ක්‍රමවේද.
  •  මොළයේ විභවය වැඩි කරන ක්‍රමවේද. 

ඇතුලු ඔබගේ වර්ධනයට අත්‍යාවශ්‍ය තවත් ක්‍රමවේද රාශියක් මෙම පාඨමාලාවේ අඩංගු වේ.

පාඨමාලාව – පාඨමාලා කාලය වන මාස 12න් පසුත් මට පසුගිය පාඩම් බලන්න පුලුවන්ද?

සතියට නියමිත පාඩම එම සතියේ නරඹා අදාල සටහන් දමාගන්න.

දැනට Intellect Initiative ආයතනයේ සකසා ඇති නීති වලට අනුව මාස 12 න් පසු ඔබට පාඨමාලාව නැරඹිය නොහැක.

අප විසින් සිසුන් පාඩම් නරඹන සියලු අවස්ථා වල අප භාවිතා කරන සියළු සේවාවන්ට ගෙවීම් සිදුකල යුතු නිසා පාඨමාලා කාලසීමාව වන මාස 12 අවසන් වූ පසු පසුගිය පාඩම් බැලීමට නොහැක.
ඒ ගැන කණගාටුයි.

අන්තර්ජාලය හරහා උගන්වන ශ්‍රී ලංකාවේ බහුතරයක් ගුරුවරු සතියක පාඩම ඒ මොහොතේ පමණක් නැරඹිය හැකි ලෙස සකසා ඇත. අපටද එසේ කරන ලෙස විශාල ලෙස උපදෙස් ලැබී ඇත.

නමුත් අප එසේ නොකොට මාස 12ක් දකවා පාඩම් නැරඹීමට හැකි වන පරිදි සකසා ඇත. එය අපට ආර්ථිකව පාඩු ගෙන දෙන්නකි. නමුත් ඔබගේ යහපත තකා එසේ කොට ඇත.

නමුත් මාස 12 ගෙවුණු පසු හෝ ගිණුමක් අක්‍රීය තත්වයේ තිබියදී එසේ කිරීම ආර්ථික වශයෙන් අපහසු කරුණක් බවට පත් වේ.

මේ ගැන ඔබට අවබෝධ වනු ඇතැයි සිතමු.

පාඨමාලාව – මට නිසි ආකාරයට සති පතා පාඩම් කරගන්න බැරිවුණා. මම කළයුත්තේ කුමක්ද?

ඔබට කල හැකි හොඳම දෙයනම් නැවත මුල සිට සතියට වීඩියෝ 2-3 බැගින් බලා හෝ මග හැරුණ පාඩම් ටික පමණක් සතියට පාඩම් 2-3 ක් බැගින් බලා,
ඉදිරියේදී කියවීමට සටහන් දමාගෙන ඉක්මනින් වීඩියෝ ටික නරඹා වැඩ ටික අල්ලා ගැනීමයි. 

ගෙවීම්, පාඩම් නිකුත් වීම් ඇතුලු බොහෝ කටයුතු ස්වයංක්‍රීයව සිදුවන නිසා ගිණුම සක්‍රීය තත්වයේ තිබියදී ඔබ පසුගිය පාඩම් 
සතියට එක බැගින් බලා වැඩ ටික කරගන්න තුරු ඉදිරි පාඩම් නිකුත් වීම නවත්වා තැබීමේ හැකියාවක් නැහැ.

ඔබ ගිණුම තාවකාලිකව අක්‍රීය කිරීමට ඉල්ලා සිටියහොත් අපිට එය සිදු කල හැකියි, නමුත් එවිට ඔබට පසුගිය පාඩම් වලට පිවිසීමට ඇති අවකාශය ඇහිරෙනු ඇත. 
BrainLab පිවිසුම්ද තාවකාලිකව (නැවත සම්බන්ද වන තුරු) අවහිර වෙනවා.

එසේ අක්‍රීය කිරීමට අවශ්‍ය නම්, කලින් පාඩම් ඉක්මනට බලා සටහන් දමාගත් පසු අපිට ගිණුම තාවකාලිකර අක්‍රීය කරන්න යැයි 
generalsupport@iini.zendesk.com වෙත ඊලඟ අය වීමට දින 7 කට වත් පෙර දැනුම් දෙන්න.

ඉන්පසු offline වැඩටික catchup කරගෙන නැවත කලින් ලියාපදිංචි වූ ඊමේල් ලිපිනයෙන්ම ලියාපදිංචි වී අපිට generalsupport@iini.zendesk.com වෙත දැනුම් දෙන්න. එවිට කලින් ගෙවීම් නැවත්වූ තැන සිට පාඩම් කරගෙන යාමට අපි ගිණුම සකස් කර දෙන්නම්.

එසේත් නැතුව මෙම ගිණුම අක්‍රීය කර නැවත මුල සිට පටන් ගැනීමට අවශ්‍ය යැයි සිතෙනවානම් එය ඔබට භාරයි. නමුත් අප එසේ කිරීමට සිසුන් උනන්දු නොකරන්නේ 
එවිට ඔවුනට නැවත මුළ සිට මාසික ගෙවීම කිරීමට සිදු වන නිසා.

ඔබ කිරීමට කැමති කුමක්ද යන්න අපිට ඉක්මනින් දන්වා එවන්න.

පාඨමාලාව – මට ටික කලකට පාඨමාලාව නවත්වා පසුව සම්බන්ද වෙන්න පුලුවන්ද?

පුළුවන්.

පාඨමාලාව මැදින් නවත්වා නැවත කලින් ගෙවීම නැවැත්වූ පාඩමේ සිට පටන්ගැනීමේ පහසුකම ලබාදිය හැක්කේ
සක්‍රීය මාස 12 සම්පූර්ණ නොකල ගිණුමකට පමණයි. එනම් පාඩම් සියල්ල නිකුත් වී අවසන් නොවූ ගිණුමකට පමණයි.


ඒ සඳහා ඔබ අපිට generalsupport@iini.zendesk.com ඊමේල් ලිපිනයට ඔබගේ ඊලඟ ස්වයංක්‍රීය අයවීමට අවම වශයෙන් දින 7 කටවත් පෙර ගිණුම අක්‍රීය කරන්න යැයි දැනුම් දිය යුතු වේ.

වෙනත් කිසිදු ඊමේල් ලිපිනයකට ගිණුම අක්‍රීය කරන්න යැයි එවන පණිවිඩය එවන්න එපා. generalsupport@iini.zendesk.com ලිපිනයට පමණක් එවන්න.

වෙනත් ඊමේල් ලිපින වලට මෙම ඉල්ලීම එවුවොත් එවා ක්‍රියාත්මක කර පිලිතුරු ලබාදීම ප්‍රමාද විය හැක.

එසේ වී ඔබගේ ඊලඟ ස්වයංක්‍රීය අය වීම සිදු වුවහොත් එහි වගකීම නිවැරදි ඊමේල් ලිපිනයට එම පණිවිඩය නො එවීම නිසා ඔබ සතුයි.

ඊලඟ අය වීම සිදුවූ සැනින් හෝ ඊලඟ අයවීම සිදු වීමට දින 7කට අඩු කාලයක් තුල අපිට ගිණුම අක්‍රීය කරන්න යැයි දන්වා එවා ඔබගේ ඊලඟ අයවීම ගිණුම අක්‍රීය කිරීමට පෙර සිදු වුවහොත් 
ඔබගේ ගිණුම අක්‍රීය වීමට සකස් කරන්නේ ඊලඟ මාසයේ ස්වයංක්‍රීය අය වීමට පෙර දිනයටයි. ඔබ නිවැරදි උපදෙස් නොපිළිපැදීම හේතුවෙන් අයවන ගාස්තු නැවත ලබාදීමට Intellect Initiative ආයතනය බැඳී නැති බව කරුණාවෙන් සළකන්න. අපිට ඔබ වෙනුවෙන් ඒ සඳහා කළ හැකි එකම දෙය නම්, ගෙවා ඇති කාලසීමාවට පාඩම් ලැබීමට සලස්වා ඊලඟ ගෙවීම 
සිදුවීමට පෙර ගිණුම අක්‍රීය වන ලෙස සකස් කිරීම පමණයි.

ගිණුම/පාඨමාලාව අක්‍රීය කිරීමෙන් පසු අපි ඔබට දන්වා එවනවා.

ගිණුම/පාඨමාලාව අක්‍රීය තත්ත්වයේ තිබියදී පසුගිය පාඩම් බැලීමට නොහැකියි. BrainLab පිවිසුම්ද තාවකාලිකව (නැවත සම්බන්ද වන තුරු) අවහිර වෙනවා.

ඔබට පසුව නැවත පාඨමාලාවට සම්බන්ද වීමට අවශ්‍ය නම් කලින් ලියාපදිංචි වූ ඊමේල් ලිපිනයෙන්ම නැවත ලියාපදිංචි වී 
අපට generalsupport@iini.zendesk.com වෙත ඊමේල් එකක් එවා දැනුම් දෙන්න. එවිට කලින් ගෙවීම නැවැත්තූ පාඩමේ සිට පාඩම් කරගෙන යාමට අපි ගිණුම සකස් කර දෙන්නම් (සාමාන්‍යයෙන් නැවත ලියාපදිංචි වූ පසු පෙනෙන්නේ පළමු පාඩම පමණයි).

ඔබට පාඨමාලාව නැවත මුල සිට කිරීමට අවශ්‍ය යැයි සිතේ නම් අපට නැවත ලියාපදිංචි වූ පසු දැනුම් දීමට අවශ්‍ය නැහැ. ඔබට මුල සිට පාඩම් සති පතා නිකුත් වේවි. නමුත් අපි එසේ කිරීමට සිසුන් උනන්දු කරන්නේ නැහැ මන්ද එවිට නැවත මුල සිට මාසික ගෙවීම ඔබ කලයුතු නිසා.

නැවත ලියාපදිංචියේදී යම් ගැටළුවක් පැන නගීනම් අපිට generalsupport@iini.zendesk.com වෙත ඊමේල් එකක් එවා දැනුම් දෙන්න.

TEMPORARY COURSE CANCELLATION AND REJOJINING POLICY : https://intellectii.global/athikramana-course-policies/

පාඨමාලාව – පාඨමාලාව ටික කලකට නැවැත්වූවොත් පසුව සම්බන්ද වී කලින් නැවැත්වූ පාඩමේ සිට කරගෙන යා හැකිද?

පාඨමාලා කාලසීමාව වන මාස 12 යනු ඔබගේ ගිණුම මාසික ගෙවීම් සහිතව සක්‍රීයව පවතින මාස 12යි.

සක්‍රීය ගිණුමක් මාස 12ක් තිබුණ විට පාඩම් සියල්ල එම මාස 12 තුල සතිපතා නිකුත් වී පාඨමාලාව සම්පූර්ණ වෙනවා.

එම නිසා පාඨමාලාව මැදින් නවත්වා නැවත කලින් ගෙවීම නැවැත්වූ පාඩමේ සිට පටන්ගැනීමේ පහසුකම ලබාදිය හැක්කේ
එම සක්‍රීය මාස 12 සම්පූර්ණ නොකල ගිණුමකට පමණයි. එනම් පාඩම් සියල්ල නිකුත් වී අවසන් නොවූ ගිණුමකට පමණයි.

මාස 12ක් ගෙවා පාඩම් සියල්ල නිකුත් වී අවසන් වූ පසු පාඨමාලාවට පිවිසුම් සහ මාසික ගෙවීම අවසන් වෙනවා,
ඉන් පසු ඔබ නැවත ලියාපදිංචි වූවොත් පාඨමාලාව නැවත මුල සිට කරගෙන යෑමට සිදුවෙනවා.

සක්‍රීය මාස 12 සම්පූර්ණ වීමට පෙර පාඨමාලාව නවත්වා, නැවත පාඩම් කරගෙන යෑමට සූදානම් වූ ඕනෑම දිනයක නැවත ලියාපදිංචි වී
පාඨමාලාව ආරම්භ කල හැකියි. එසේ නැවත ලියාපදිංචි වී generalsupport@iini.zendesk.com වෙත දන්වා එවූ පසු කලින් ගෙවීම නැවැත්වූ 
පාඩමේ සිට පාඩම් කරගෙන යාමට අපිට ගිණුම සකස් කර දිය හැකියි.

නමුත් අපි යෝජනා කරන්නේ පළමු වර නවත්වා මාස 3ක් නැතිනම් 6කටවත් අඩු කාලයක් තුල නැවත සම්බන්ද වීම මගින්
පාඨමාලාවේ කලින් කරගෙන ආ ප්‍රගතිය පවත්වාගත හැකි බවයි.

BrainLab එකට පිවිසුම්ද ගිණුම/පාඨමාලාව අක්‍රීය වන විට අක්‍රීය වෙනවා, නමුත් ඔබ නැවත සම්බන්ද වූ පසු BrainLab භාවිතා කළ හැකියි.

පාඨමාලාව – මට දැන් තිබෙන පාඨමාලාව නවත්වා නැවත මුල සිට ආරම්භ කල හැකිද?

ඔබට පාඨමාලාව නැවත මුල සිට කිරීමට අවශ්‍ය යැයි සිතේ නම්  generalsupport@iini.zendesk.com වෙත ඊමේල් එකක් එවා 
ඔබට නැවත මුල සිට පාඨමාලව කිරීමට අවශ්‍ය නිසා පළමුව දැන් තිබෙන පාඨමාලාව අක්‍රීය කරන්න යැයි අපිට දැනුම් දෙන්න.

එවිට පාඨමාලාව/ගෙවීම් අක්‍රීය කොට අපි ඔබවෙත දැනුම් දෙනවා.

ඉන් පසු පහත ලින්ක් එක හරහා කලින් ලියාපාදිංචි වූ ඊමේල් ලිපිනයම යොදා නැවත ලියාපදිංචි වෙන්න.

https://courses.intellectii.global/offers/A69CV8nT/checkout

එවිට ඔබට නැවත පළමු පාඩම පමණක් පෙනේවි. ඉන් පසු එතැන් සිට ඉදිරි පාඩම් සති පතා නිකුත් වෙනවා.
අපට නැවත ලියාපදිංචි වූ පසු දැනුම් දීමට අවශ්‍ය නැහැ. ඔබට මුල සිට පාඩම් සති පතා නිකුත් වේවි.

මෙසේ කිරීම තුලින් ඔබගේ පාඨමාලා පිවිසුම් සහ ගෙවීම් මුල සිට නැවත මාස 12ක් පවතිනවා.
 

නැවත ලියාපදිංචියේදී යම් ගැටළුවක් පැන නගීනම් අපිට generalsupport@iini.zendesk.com වෙත ඊමේල් එකක් එවා දැනුම් දෙන්න.

පාඨමාලාව – සතිපතා පාඩම් ලබා දෙන්නේ කෙසේද?

සතිපතා රන්දික මහත්මයා විසින් ඔබට කලින් පටිගත කල වීඩියෝවක් මගින් පාඩමක් උගන්වයි. එමනිසා පාඩම ඔබට නිකුත් වූ පසු ඔබට පහසු වේලාවකට පාඩම් නැරඹිය හැක.

පාඨමාලාවට ලියාපදිංචි වූ දිනයේ ඔබට පළමු පාඩම නැරඹිය හැකියි.

ඉන්පසු දින 7 කින් ඔබට දෙවනි පාඩම නිකුත් වේ (පළමු ස්වයංක්‍රීය පාඩම් නිකුත් වීම නිසා සමහරවිට දින 8ක් විය හැකියි). අළුත් පාඩමක් නිකුත් වූ විට ඔබට ඊමේල් පණිවිඩයක් මගින් ඒ බව දැනුම් දෙනවා. සමහර විට මෙම ඊමේල් පණිවිඩ ඔබගේ ඊමේල් ගිණුමේ Spam Folder එකට යන්න පුළුවන්, එම නිසා දින 7ක් හෝ 8ක් ගිය පසුත් ඊමේල් දැනුම් දීම ඇවිත් නැත්නම් එම Spam Folder එකද පරීක්ශා කර බලන්න.

උදාහරණයක් ලෙස ඔබ සෙනසුරාදා දිනක උදේ 8ට පාඨමාලාවට ලියාපදිංචි වූවා නම් ඔබගේ දෙවනි පාඩම ඊලඟ සෙනසුරාදා ලංකාවේ වෙලාවෙන් දවල් 12ත් 1ත් අතර ස්වයංක්‍රීයව නිකුත් වීමටත් ඔබට ඒ පිළිබඳව දැනුවත් කරන ඊමේල් එක ලැබීමටත් නියමිතයි.

පාඨමාලාව – පාඨමාලාවේ උගන්වන කටයුතු කිරීමට කෙතරම් කාලයක් වැය කල යුතුද?

පාඩමක් නැරඹීමට දල වශයෙන් විනාඩි 30-40 ක් පමණ සතියට වැය වේ.

ඊට අමතරව පාඩම් වල ලබාදෙන ක්‍රියාකාරකම් සහ පුහුණු වීම වලට මුල් කාලයේදී දිනකට විනාඩි 30ක් පමණ අවශ්‍ය වන අතර පාඨමාලාව අග භාගය වන විට දල වශයෙන් දිනකට විනාඩි 60 ක් පමණ අවශ්‍ය වේ.

පාඨමාලාව – පාඨමාලාව සම්බන්ද ගැටළු යොමු කරන්නේ කෙසේද?

පාඨමාලාව සම්බන්ද සියළු ගැටළු වලට සහය වීම සිදු කරන්නේ ඊමේල් මාධ්‍යයෙනි.
ඔබගේ පහසුව පිණිස සිංහල සහ ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකෙන්ම ඔබට අප වෙත ඊමේල් හරහා ප්‍රශ්ණ යොමු කල හැක.

නමුත් සිංහල භාශාවෙන් ප්‍රශ්ණ යොමු කරනවානම් සිංහල අකුරු භාවිතා කරන ලෙසත්,
ඉංග්‍රීසි අකුරු භාවිතා කර ටයිප් කරනවානම් එහිදී ඉංග්‍රීසි භාශාවෙන් ගැටළුව යොමු කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.
ඉංග්‍රීසි අකුරු යොදා ටයිප් කර ඔබ එවන සිංහල මාධ්‍යයේ ගැටළු කියවා තේරුම් ගැනීමෙහි සහ ඒවාට නිසි පිළිතුරු සැපයීමෙහි ගැටළු ඇතිවිය හැක.

ඔබ පාඨමාලාවට ලියාපදිංචි වී ඇති සිසුවෙක්/සිසුවියක් නම් ඔබ ලියාපදිංචි වූ ඊමේල් ලිපිනය හරහා පමණක් ගැටළු යොමු කරන්න.
වෙනත් ලිපින වලින් ඔබගේ ගිණුම සම්බන්දව ලැබෙන ගැටළු/ඉල්ලීම් වලට පිළිතුරු සැපයීමට සයිබර් ආරක්ෂණ හේතු මත අපිට නොහැකියි.

පාඨමාලාව, ගෙවීම්, හෝ ඔබගේ පාඨමාලා ලියාපදිංචිය පිළිබඳ ගැටළු (ලියාපදිංචිය අක්‍රීය කිරීම, නැවත සක්‍රීය කිරීම,
පාඩම් නිකුත් වීමේ දින, පාඩම් නැවැත්තූ තැන සිට නැවත ආරම්භ කිරීම වැනි ගැටළු) පහත ලිපිනයට පමණක් යොමු කරන්න:

generalsupport@iini.zendesk.com

වෙබ් අඩවියේ තාක්ෂණික දෝෂ, පාඩම් බැලීමේදී ඇතිවන තාක්ෂණික ගැටළු ආදී තාක්ෂණික ගැටළු පහත ඊමේල් ලිපිනයට පමණක් යොමු කරන්න: 

tech@iini.zendesk.com

පාඩම් සම්බන්දව ඔබට ඇති ගැටළු පාඨමාලාවට සම්බන්ද වූ පසු සිසුන්ට පාඩම් ගැටළු යොමු කිරීමට පාඨමාලාව තුලදී ලබා දෙන ඊමේල් ලිපිනයට පමණක් යොමු කරන්න.

ඉහත සඳහන් ගැටළු වෙනත් ඊමේල් ලිපින වලට එවීමෙන් වලකින්න.

එමෙන්ම එකම ගැටළුව සියළු ඊමේල් වලට නැවත නැවත එවීමෙන්ද වලකින්න.

එයින් සිදුවන්නේ පිළිතුරු ලබා දීම පරක්කු වීම මිස ඉක්මන් වීම නොවේ.

පාඨමාලාව – මගේ පුද්ගලික ගැටළු වලට පිළිතුරක් මෙම ඊමේල් ලිපින හරහා රන්දික මහතාගෙන් ලබා ගත හැකිද?

මෙහි ලබා දී ඇති ඊමේල් ලිපින වලට ඔබ යොමු කරන ගැටළු මුලින්ම බලන්නේ Intellect Initiative Support Team  එකේ සාමාජිකයන් විසින්.

ගෙවීම්, තාක්ෂණික දෝෂ සහ ගිණුම හෝ පාඨමාලාව සම්බන්ද ගැටළු වලට Support Team සාමාජිකයින් විසින් පිළිතුරු ලබා දෙන අතර
අතික්‍රමණ පාඨමාලාවේ පාඩම් වලට අදාල ප්‍රශ්න පමණක් ඔවුන් විසින් රන්දික මහත්මයාට යොමු කරනු ඇත.

රන්දික මහත්මයා ඉතා කාර්යබහුල නිසා සහ ඔහුට සිසුන් රාශියක් වෙනුවෙන් එකවර වැය කිරීමට ඇති කාලය සීමිත නිසා
ඔහු විසින් පාඩම් වලට අදාල ප්‍රශ්න වලට පමණක් ඊමේල් හරහා ඔබට පිළිතුරු ලබා දෙනවා.

එම නිසා එම නිසා මෙහි ලබා දී ඇති ඊමේල් ලිපින වලට යොමු කරන ඔබගේ පුද්ගලික ප්‍රශ්න Intellect Initiative Support Team සාමාජිකයින් විසින්
රන්දික මහත්මයාට යොමු නොකරන බව කරුණාවෙන් සළකන්න.

ඒ ගැන අමනාප වන්නට එපා.

පාඨමාලාව – පාඨමාලාවේ සක්‍රීය මාස 12 අවසන්වූ පසුත් මට පාඨමාලාවේ තිබූ පාඩම් සම්බන්ද ගැටළු යොමුකොට රන්දික මහත්මයාගෙන් පිළිතුරු ලබාගැනීමට හැකිද?

කණගාටුවෙන් නමුත් පාඨමාලාවේ පාඩම් වලට අදාල ප්‍රශ්ණ වලට පිළිතුරු දීමට අප කාර්යමණ්ඩලයට සහ 
රන්දික මහත්මයාට හැකිවන්නේ එම මොහොතේ සක්‍රීයව පාඨමාලාව හදාරන සිසුන් වෙත පමණයි.

අපට සහය ලබාදීමට ඇති කාලය සක්‍රීය සිසුන් වෙනුවෙන් ප්‍රමුඛත්වයක් ලබාදී වැයකිරීමට අපට සිදුවෙනවා.

එම නිසා කරුණාකර ඔබ පාඨමාලාව තුල සක්‍රීයව ඉන්නා කාල සීමාව තුලදී නිසි කලට පාඩම් බලා,
ඇතිවන ගැටළු යොමුකොට ඒවා සඳහා පාඨමාලා සක්‍රීය කාලය අවසන් වීමට පෙර පිළිතුරු ලබාගන්න.

පාඨමාලාව – පාඨමාලාව අවසානයේ සහතික පත්‍රයක් ලබාදෙනවාද?

අතික්‍රමණ පාඨමාලාව ඉතා ක්‍රමාණුකූලව සියුම් ලෙස වියමන් කර ඇත්තේ ප්‍රායෝගික ප්‍රතිඵල ලබා දීමටයි.

මෙම පාඨමාලාවේ අරමුණ වන්නේ ඔබ පෙර සිටියාට වඩා පාඨමාලව නිම කරන කාලය වන විට
එහි උගන්වන ක්‍රමවේද භාවිතා කර පුහුණු වී
ජීවිතයේ සියළු අංශ වලින් ප්‍රගතියක් ලබා ගැනීමට ඔබට රුකුලක් වීම මිස
පාඨමාලාව නිම කලා යැයි සහතිකයකට මෙම ක්‍රියාවලිය ලඝු කිරීම නොවේ.

එම නිසා මෙහිදී සහතික පත්‍ර නිකුත් කිරීමක් නොකරන බව කරුණාවෙන් සළකන්න. 

පාඨමාලාව – පාඨමාලාවෙහි සක්‍රීය මාස 12 වරක් මම අවසන් කලා. මට නැවත පාඨමාලාවට සම්බන්ද විය හැකිද?

පුළුවන්. ඔබ විසින් වරක් පාඨමාලාවෙහි මාස 12 සක්‍රීය කාලය අවසන් කල පසු, ඔබට නැවත පාඨමාලාව කිරීමට අවශ්‍ය යැයි සිතේනම්,
https://intellectii.global/online-courses/ පිටුවට ගොස් පහලට scroll කොට සිංහල මාධ්‍යයට switch වී අතික්‍රමණ වෙත නැවත ලියාපදිංචි වන්න.
 

එසේ ලියාපදිංචි වීමේදී නැවත මුල සතියේ සිට සති පතා පාඩම් කරගෙන යා යුතුවේ.
මාසික ස්වයංක්‍රීය අය වීමද මාස්පතා ඒ අනුව මාස 12ක් සිදුවෙනවා.

සක්‍රීය ගිණුමක් මාස 12ක් තිබුණ විට පාඩම් සියල්ල එම මාස 12 තුල සතිපතා නිකුත් වී පාඨමාලාව සම්පූර්ණ වෙනවා.
එම නිසා පාඨමාලාව මැදින් නවත්වා නැවත කලින් ගෙවීම නැවැත්වූ පාඩමේ සිට පටන්ගැනීමේ පහසුකම ලබාදිය හැක්කේ
එම සක්‍රීය මාස 12 සම්පූර්ණ නොකල ගිණුමකට පමණයි. එනම් පාඩම් සියල්ල නිකුත් වී අවසන් නොවූ ගිණුමකට පමණයි.

මාස 12ක් ගෙවා පාඩම් සියල්ල නිකුත් වී අවසන් වූ පසු පාඨමාලාවට පිවිසුම් සහ මාසික ගෙවීම අවසන් වෙනවා,
ඉන් පසු ඔබ නැවත ලියාපදිංචි වූවොත් පාඨමාලාව නැවත මුල සිට කරගෙන යෑමට සිදුවෙනවා.

ගිණුම – මම පාඨමාලාව අක්‍රීය කරන්නැයි ඉල්ලීමක් කලා, ඒ අනුව මගේ ගිණුම අක්‍රීය කිරීමට ඔවුන් කටයුතු කලා. මට දැන් පසුගිය පාඩම් පෙනෙන්නේ නැහැ, ඒ ඇයි?

දැනට Intellect Initiative ආයතනයේ සකසා ඇති නීති වලට අනුව ගිණුම අක්‍රීය තත්ත්වයේ තිබියදී සහ පාඨමාලා කාලසීමාව වන මාස 12 න් පසු ඔබට පාඨමාලාව නැරඹිය නොහැක.

සිසුන් වෙනුවෙන් සක්‍රීය ගිණුමක් පවත්වා ගැනීමට අප භාවිතා කරන සියළු සේවාවන්ට අප විසින් ගෙවීම් සිදුකල යුතු නිසා ගිණුම අක්‍රීය තත්ත්වයේ තිබියදී සහ 
පාඨමාලා කාලසීමාව වන මාස 12 අවසන් වූ පසු පසුගිය පාඩම් බැලීමට නොහැක. ඒ ගැන කණගාටුයි.

අන්තර්ජාලය හරහා උගන්වන ශ්‍රී ලංකාවේ බහුතරයක් ගුරුවරු සතියක පාඩම ඒ මොහොතේ පමණක් නැරඹිය හැකි ලෙස සකසා ඇත.
අපටද එසේ කරන ලෙස විශාල ලෙස උපදෙස් ලැබී ඇත.

නමුත් අප එසේ නොකොට මාස 12ක් දකවා පාඩම් නැරඹීමට හැකි වන පරිදි සකසා ඇත. එය අපට ආර්ථිකව පාඩු ගෙන දෙන්නකි.
නමුත් ඔබගේ යහපත තකා එසේ කොට ඇත.

නමුත් මාස 12 ගෙවුණු පසු හෝ ගිණුමක් අක්‍රීය තත්වයේ තිබියදී එසේ කිරීම ආර්ථික වශයෙන් අපහසු කරුණක් බවට පත් වේ.

මේ ගැන ඔබට අවබෝධ වනු ඇතැයි සිතමු.

ස්තූතියි.

ගිණුම – මම පාඨමාලාව ටික කලකට නවත්වා නැවත පටන් ගැනීමට නැවත කලින් ඊමේල් එකෙන්ම ලියාපදිංචි වුණා, නමුත් මට දැන් පෙනෙන්නේ පළමු පාඩම පමණයි. මා කළ යුත්තේ කුමක්ද?

සාමාන්‍යයෙන් නැවත ලියාපදිංචි වූ පසු ඔබට පෙනෙන්නේ පළමු පාඩම පමණයි.
එම නිසා කලින් භාවිතා කල ඊමේල් එකෙන්ම නැවත ලියාපදිංචි වූ පසු  generalsupport@iini.zendesk.com වෙත
ඊමේල් එකක් එවා අපිට දැනුම් දෙන්න.

ඔබ අපට දන්වා එවූ පසු අපි කලින් ගෙවීම නැවැත්වූ තැනින් පටන් ගැනීමට හැකි ලෙස ගිණුම සකසා දෙන්නෙමු.

ගිණුම – මගේ මේ සතියේ පාඩම තවම ලැබී නැත්තේ ඇයි?

සාමාන්‍යයෙන් ඔබට කලින් පාඩම නිකුත් වී දින 7 කින් ඔබට ඊලඟ සතියේ පාඩම ස්වයංක්‍රීයව නිකුත් වේ.

අළුත් පාඩමක් නිකුත් වූ විට ඔබට ඊමේල් පණිවිඩයක් මගින් ඒ බව දැනුම් දෙනවා. සමහර විට මෙම ඊමේල් පණිවිඩ ඔබගේ ඊමේල් ගිණුමේ Spam Folder එකට යන්න පුළුවන්, එම නිසා දින 7ක් හෝ 8ක් ගිය පසුත් ඊමේල් දැනුම් දීම ඇවිත් නැත්නම් එම Spam Folder එකද පරීක්ශා කර බලන්න.

උදාහරණයක් ලෙස ඔබ සෙනසුරාදා දිනක උදේ 8ට පාඨමාලාවට ලියාපදිංචි වූවා නම් ඔබගේ දෙවනි පාඩම ඊලඟ සෙනසුරාදා ලංකාවේ වෙලාවෙන් දවල් 12ත් 1ත් අතර ස්වයංක්‍රීයව නිකුත් වීමටත් ඔබට ඒ පිළිබඳව දැනුවත් කරන ඊමේල් එක ලැබීමටත් නියමිතයි.

ගිස සතියේ පාඩම ලැබී දින 8ක් ගිය පසුත් ඔබට මේ සතියේ පාඩම ලැබී නැත්නම් අපිට tech@iini.zendesk.com වෙත ඊමේල් එකක් එවා දැනුම් දෙන්න.

ගිණුම – මගේ ගිණුම සක්‍රීයයි ඒත් පාඩම් සහිත වීඩියෝ බලන්න බැරි ගැටළුවක් එනවා, එය විසඳාගන්නේ කෙසේද?

කරුණාකර පහත දෑ උත්සාහ කර බලන්න:

  1. ඔබ පාඩම් නැරඹීමට භාවිතා කරන්නේ Apple සමාගමෙන් නිපදවූ ඩිවයිස් එකක් නම් කරුණාකර සෆාරි බ්‍රව්සරය භාවිතා කර පාඩම් නරඹන්න. එවිටත් ගැටළුවක් පැමිණුනොත් ඔබගේ IOS/ Mac OS එක update කොට නැවත උත්සාහ කොට බලන්න.
  1. ඔබ භාවිතා කරන්නේ වෙනත් මොබයිල් ඩිවයිස් එකක් නම්, ඔබගේ ගූගල් ක්‍රෝම් (Google Chrome) ඇප් එක update කර ඇද්දැයි පරීක්ෂා කරන්න. එසේ කිරීමෙන් පසුත් ගැටළුවක් ඇතිවනවානම් කරුණාකර ෆයර්ෆොක්ස් ඇප් එක (Firefox App) ඉන්ස්ටෝල් කොට ඒ හරහා පාඩම් නරඹන්න.
  1. ඔබ භාවිතා කරන්නේ PC එකක් නම් ගූගල් ක්‍රෝම් එක update කර ඇත්දැයි පරීක්ෂා කොට බලන්න. එසේ කල පසුත් වීඩියෝ නොපෙනෙනවානම් සමහර විට ඔබ install කොට ඇති extension එකක් (AdBlock වැනි) නිසා විය හැක. එසේ නම් ෆයර්ෆොක්ස් (Firefox) වැනි බ්‍රව්සරයක් හරහා පාඩම් නැරඹිය හැක.
  1. එමෙන්ම පාඩම අතරමග නතර වූවොත් ඔබගේ අන්තර්ජාල සබඳකම සක්‍රීයදැයිද පරීක්ශා කර බලන්න.

ඉහත සියළු දේ උත්සාහ කොට ඒත් ඔබට වීඩියෝ නොපෙනේ නම් tech@iini.zendesk.com වෙත Error එක ඔබට පෙනෙන ආකාරයේ Screenshot එකක්ද සමගින් එවා  අපව සබඳ කර ගන්න.

ගෙවීම් – ඉදිරි අය වීම් නවත්වන්නේ කෙසේද?

ඉදිරි අය වීම් නැවත්වීමට නම් ඔබගේ පාඨමාලාව අක්‍රීය කළ යුතු වේ.
ඒ සඳහා ඔබ අපිට generalsupport@iini.zendesk.com ඊමේල් ලිපිනයට ඔබගේ ඊලඟ ස්වයංක්‍රීය අයවීමට අවම වශයෙන් දින 7 කටවත් පෙර ගිණුම අක්‍රීය කරන්න යැයි දැනුම් දිය යුතු වේ.

වෙනත් කිසිදු ඊමේල් ලිපිනයකට ගිණුම අක්‍රීය කරන්න යැයි එවන පණිවිඩය එවන්න එපා. generalsupport@iini.zendesk.com ලිපිනයට පමණක් එවන්න.

වෙනත් ඊමේල් ලිපින වලට මෙම ඉල්ලීම එවුවොත් එවා ක්‍රියාත්මක කර පිලිතුරු ලබාදීම ප්‍රමාද විය හැක.

එසේ වී ඔබගේ ඊලඟ ස්වයංක්‍රීය අය වීම සිදු වුවහොත් එහි වගකීම නිවැරදි ඊමේල් ලිපිනයට එම පණිවිඩය නො එවීම නිසා ඔබ සතුයි.

ඊලඟ අය වීම සිදුවූ සැනින් හෝ ඊලඟ අයවීම සිදු වීමට දින 7කට අඩු කාලයක් තුල අපිට ගිණුම අක්‍රීය කරන්න යැයි දන්වා එවා 

ඔබගේ ඊලඟ අයවීම ගිණුම අක්‍රීය කිරීමට පෙර සිදු වුවහොත් ඔබගේ ගිණුම අක්‍රීය වීමට සකස් කරන්නේ 
ඊලඟ මාසයේ ස්වයංක්‍රීය අය වීමට පෙර දිනයටයි.
ඔබ නිවැරදි උපදෙස් නොපිළිපැදීම හේතුවෙන් අයවන ගාස්තු නැවත ලබාදීමට Intellect Initiative ආයතනය බැඳී නැති බව කරුණාවෙන් සළකන්න.
අපිට ඔබ වෙනුවෙන් ඒ සඳහා කළ හැකි එකම දෙය නම්, ගෙවා ඇති කාලසීමාවට පාඩම් ලැබීමට සලස්වා ඊලඟ ගෙවීම සිදුවීමට පෙර ගිණුම අක්‍රීය වන ලෙස සකස් කිරීම පමණයි.

පාඨමාලාව අක්‍රීය කිරීමෙන් පසු අපි ඔබට දන්වා එවනවා.

පාඨමාලාව අක්‍රීය තත්ත්වයේ තිබියදී පසුගිය පාඩම් බැලීමට නොහැකියි.

ඔබට පසුව නැවත පාඨමාලාවට සම්බන්ද වීමට අවශ්‍ය නම් කලින් ලියාපදිංචි වූ ඊමේල් ලිපිනයෙන්ම නැවත ලියාපදිංචි වී 
අපට generalsupport@iini.zendesk.com වෙත ඊමේල් එකක් එවා දැනුම් දෙන්න. එවිට කලින් ගෙවීම නැවැත්තූ පාඩමේ සිට පාඩම් කරගෙන යාමට අපි ගිණුම සකස් කර දෙන්නම් (සාමාන්‍යයෙන් නැවත ලියාපදිංචි වූ පසු පෙනෙන්නේ පළමු පාඩම පමණයි).

නැවත ලියාපදිංචියේදී යම් ගැටළුවක් පැන නගීනම් අපිට generalsupport@iini.zendesk.com  වෙත ඊමේල් එකක් එවා දැනුම් දෙන්න.

TEMPORARY COURSE CANCELLATION AND REJOJINING POLICY : https://intellectii.global/athikramana-policies/

ගෙවීම් – මාගේ ගිණුමෙන් මසකට එක් වරකට වඩා USD 11 බැගින් ගාස්තු අයවී තිබෙන්නේ ඇයි?

කිසියම් හේතුවක් නිසා අතික්‍රමණ පාඨමාලාවට සක්‍රීය ලියාපදිංචියක් තිබෙන වේලාවක ඔබ අතින් වැරදීමකින් නැවත ලියාපදිංචියක් සිදු වූවොත් එමගින් වැඩිපුර ගාස්තු අයවීමක් සිදු වෙනවා.

එසේ පාඨමාලාවට සක්‍රීයව තිබියදීත් නැවත නැවත ඔබ අලුතින් ලියාපදිංචි වීමෙන්
ඔබෙගෙන් නියමිත ප්‍රමාණයට වඩා ඉදිරි මාස වලදී ස්වයක්‍රීයව ගාස්තු අය වීමක් සිදු වෙනවා.

ඒ ආකාරයෙන් ඔබගේ ගිණුමෙන් මසකට USD 11 ට වඩා ගණනක් අප ආයතනයෙන්
අය වීමක් සිදු වී ඇත්නම් අපිට generalsupport@iini.zendesk.com වෙත ඊමේල් එකක් එවා දැනුම් දෙන්න.
එවිට අපි එම වැරද්ද ඔබ වෙනුවෙන් නිවැරදි කර දෙන්නම්.
 

ගිණුම සම්බන්ද මොනයම් හෝ ගැටළුවක් ඇත්නම් නැවත ලියාපදිංචි වීමට පෙර අපට දන්වා එවන්න.

ඔබගේ ගිණුමට ඇතුල් වීමට නම් පිටුවේ ඉහළ දකුණු පස කොනේ ඇති “Log In” බොත්තම click කරන්න.

(ලියාපදිංචි පිටුවට යන්න එපා. )

පාඨමාලා ගාස්තු ඔබගේ ගිණුමෙන් ස්වයංක්‍රීයව අය වන නිසා ඉදිරි මාස වලට නැවත (මුලින්ම කලා වගේ)
ලියාපදිංචි වී වෙනම ගෙවන්න එපා.

මාසිකව අයවීමට නියමිත මුදල් ප්‍රමාණය (ඕස්ට්‍රේලියානු ඩොලර් පහළොවක්ගිණුමේ තිබෙන්නට හරින්න.
එවිට ගෙවීම ස්වයංක්‍රීයව සිදුවේවි.

ගෙවීම් – මාගේ ගිණුමෙන් මසකට USD 11 ට නියමිත මුදලට වඩා රුපියල් (හෝ වෙනත් මුදල් ඒකක) ප්‍රමාණයක් අයවී තිබෙන්නේ ඇයි?

ඔබගේ ගිණුමෙන් මාසිකව අයවන ස්වයංක්‍රීය ගාස්තුව වන USD 11 අප ආයතනයට ලැබෙන්නේ USD 11 ක් ලෙසයි.
 

ඔබ මුදල් ගෙවීමට භාවිතා කරන ගිණුම ශ්‍රී ලංකා රුපියල් හෝ වෙනත් මුදල් ඒකකයක් තිබෙන එකක් නම්, එම ගාස්තුව ස්වයංක්‍රීයව අය වීමේදී ඔබගේ බැංකුව විසින් ඔබගේ මුදල් ඒකකය එම බැංකුවේ එදිනෙදාට ඇති විදේශ විනිමය අනුපාත අනුව 
පරිවර්තනය කොට එම ගෙවීම සිදු කරයි.

ඔබ අන්තර්ජාලය ඔස්සේ දකින විනිමය අනුපාතයට වඩා ඔබගේ බැංකුවෙහි විනිමය අනුපාතය වෙනස් විය හැකියි. USD 11  කට ගෙවිය යුතු 
රුපියල් ප්‍රමාණය කීයද යන්න තීරණය කරන්නේ අප විසින් නොවේ. එය තීරණය කරන්නේ ඔබගේ බැංකුව විසිනි.
ඒ සබඳව තීරණ ගැනීමට අපගේ ආයතනයට කිසිදු හැකියාවක් නැත. එය ඉහල පහල යෑම විදේශ විනිමය අනුපාතයට අනුව සිදු විය හැක.

එම නිසා කරුණාකර මේ ගැන ඔබගේ බැංකුව සබඳ කරගෙන විමසන්න.

ගෙවීම් – මාසික ගාස්තුව ස්වයංක්‍රීයව නැතුව මට අවශ්‍ය දිනයක වෙනම ගෙවන්න පුලුවන්ද?

කණගාටුයි, ඇති විය හැකි ගැටළු නිසා එවැනි ක්‍රමයක් ස්ථාපිත කොට නොමැත.

ගෙවීම් – මගේ බැංකු කාඩ් පත යොදා ලියාපදිංචි වෙන්න බැහැ. ඒ ඇයි?

ඔබට ඇත්තේ රජයේ බැංකුවකින් නිකුත් කරන ලද කාඩ් පතක් නම්
ඔබ බැංකුවට ගොස් එම කාඩ් පත විදේශ ගෙවීම් සඳහා සක්‍රීය කර ගත යුතුයි.

එය ඔබට බැංකුවෙන් ඉතා පහසුවෙන් කර ගත හැකියි.

පෞද්ගලික බැංකුවකින් නිකුත් කරන කාඩ් පතක් නම් කෙලින්ම වැඩ කරනු ඇත.

මහජන බැංකු කාඩ් සම්බන්දයෙන් අපිට ගැටළු මතුවී තිබෙනවා.
එම රජයේ බැංකුවෙන් ගෙවීම් කිසියම් හේතුවක් නිසා අවහිර කරනවා සමහර සිසුන් උත්සහ කරද්දි.
ඔවුන් ඒ ගැන විසඳුමක් ලබා දෙන්නේද නැහැ. අවාසනාවකට මෙන් අපේ පැත්තෙන් කල හැකි විසඳුමක්ද නැහැ. හැකි නම් වෙනත් පුද්ගලික බැංකු කාඩ් පතක් පාවිච්චි කර ලියාපදිංචි වන්න බලන්න.

ඔබගේ කාඩ් පත විදේශ ගෙවීම් සහ අන්තර්ජාලය හරහා
මාස්පතා ස්වයංක්‍රීය ගෙවීම් කිරීමට සක්‍රීය කර තිබියදී සහ
අවශ්‍ය මුදල ගිණුමේ තිබියදීත් ගෙවීම කිරීමට අවහිරයක් පැනවෙනවානම්
කරුණාකර එය ඔබගේ බැංකුවෙන් විමසා බලා විසඳාගන්න බලන්න.

ගෙවීම් – ලියාපදිංචි විය හැක්කේ ක්‍රෙඩිට් කාඩ් වලින් විතරද?

නැහැ. විදේශ ගෙවීම් සක්‍රීය කරන ලද වීසා හෝ මාස්ටර් ඩෙබිට් කාඩ් මගින්ද ලියාපදිංචි වීම සිදුකළ හැකියි.

රජයේ බැංකු සම්බන්ද කාඩ් වලින් යම් හේතුවක් නිසා විදේශ ගෙවීම් අවහිර කරනවා,
නමුත් පෞද්ගලික බැංකු වලින් නිකුත් කල විදේශ ගෙවීම් සක්‍රීය කරන ලද ඩෙබිට් හෝ ක්‍රෙඩිට් (VISA/Master) කාඩ් ගැටළුවක් නැතුව වැඩ කරනවා.

ගෙවීම් – මම ඩොලර් වලින් ගෙවන්නේ කොහොමද? මගේ බැංකු ගිණුමේ තිබෙන්නේ ශ්‍රී ලංකා රුපියල් හෝ වෙනත් මුදල් ඒකකයක්.

ලියාපදිංචි වීමට සහ මාසික ස්වයංක්‍රීය අයවීම වන USD 11  සිදුවීමට ඔබගේ ගිණුමේ මුදල් ඕස්ට්‍රේලියානු ඩොලර් වලින් තිබිය යුතු නැහැ.

ඔබගේ ගිණුමේ තිබිය යුත්තේ USD 11 ට සරිලන රුපියල් හෝ වෙනත් ඒකකයක මුදල් ප්‍රමාණයක් පමණයි.

ඔබගේ වීසා හෝ මාස්ටර් ඩෙබිට්/ක්‍රෙඩිට් කාඩ් පත අන්තර්ජාලය හරහා කරන විදේශ ගෙවීම් සඳහා සක්‍රීය කොට තිබිය යුතුයි.

ගෙවීම සිදුවන අවස්ථාවේදී ඔබගේ මුදල් ඒකකය ඕස්ට්‍රේලියානු ඩොලර් වලට පරිවර්තනය කොට ගෙවීම සිදු කිරීම බැංකුව විසින් කරනවා. USD 11  කට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය කීයද යන්න තීරණය කරන්නේ ඔබගේ බැංකුව විසිනි. එය ඉහල පහල යෑම විදේශ විනිමය අනුපාතයට අනුව සිදු විය හැක.
එම නිසා කරුණාකර මේ ගැන ඔබගේ බැංකුව සබඳ කරගෙන විමසන්න.

ගෙවීම් – රුපියල් වලින් ගෙවීම් කරන්න බැරිද? USD 11 සඳහා අයවන රුපියල් ප්‍රමාණය මාසෙන් මාසෙයට අඩු වැඩි වෙනවා.

අපගේ ආයතනයේ කාර්ය මණ්ඩලයේ වේතන (පඩි ගෙවීම), මෘදුකාංග ඉංජිනේරුවන්ට ගෙවීම,
සුරක්ෂිත වීඩියෝ රැඳවුම් සේවාවන්ට ගෙවීම, සක්‍රීය සෑම සිසුවෙක් වෙනුවෙන්ම අප පාඩම් නිකුත් කරන online platform එකට ගෙවීම,
අපගේ නීතිඥයින්ට ගෙවීම, දත්ත ගබඩා වලට ගෙවීම, සහ වෙනත් විවිධ සේවා වලට ගෙවීම වැනි වියදම් රාශියක් අපගේ ආයතනයට මාසිකව දැරීමට සිදුවේ.
මෙම සියළු වියදම් දැරීමට අපට සිදුවන්නේ ඩොලර් වලිනි.
ඒ එම ආයතන වලින් බාර ගන්නේ ඩොලර් පමණක් නිසාය.
එම නිසා එක් සිසුවෙකුගෙන් ලැබෙන මුදල ඩොලර් වලින් වෙනස් නොවන අගයක තබා ගැනීම ඉතාම වැදගත් වේ.

අපගේ ආයතනය සිසුන්ට හැකි තරම් පහසුකම් ලබා දීමට උත්සාහ කරන, කරුණාව පෙරදැරි කරගත් ආයතනයකි.
කෙසේ නමුදු ඉහත සඳහන් කල වියදම් නිසා පාඨමාලාවේ ගාස්තු රුපියල් වලින් අය කිරීමට හැකියාවක් නොමැත.

USD 11 කට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය ඉහල පහල යෑම විදේශ විනිමය අනුපාතයට අනුව සිදු විය හැක.
එය තීරණය කරන්නේ ඔබගේ බැංකුව විසිනි.

ගෙවීම – මා පාඨමාලාවට ලියාපදිංචි වීමට භාවිතා කල බැංකු කාඩ්පත මාරු කරන්නේ කෙසේද?

ඒ පිළිබඳව පියවරෙන් පියවර උපදෙස් පහත ලින්ක් එකෙන් බලන්න
https://intellectii.global/online-courses-how-to-update-payment-method/

ගෙවීම් – මගේ ගිණුමෙන් ස්වයංක්‍රීය අය වීම සිදුවන දිනය වෙනස් කරගන්න පුළුවන්ද?

අය වීම ස්වයංක්‍රීයව සිදු වන නිසා දිනය වෙනස් කරන්න විදිහක් නෑ.
ඒ ගැන කණගාටුයි.

නමුත් නියමිත දිනයට අය වීම අසාර්ථක වූවොත් තවත් සතියක් වරින් වර
system එකෙන් උත්සාහ කරනව ගිණුම අක්‍රීය වෙන්න කලින්.

එම නිසා නියමිත දිනයට පසු සතියක් ඇතුලත මුදල් ගිණුමේ තිබුනොත්
ගිණුම අක්‍රීය වන්නට කලින් ස්වයංක්‍රීය අය වීම තෙවන හෝ සිව්වන වර සිදු වීමට පුළුවන්.

හදිසියේ හරි අය වීම අසාර්ථක වී ගිණුම අක්‍රීය වූවොත්
(ඔබට ගිණුමට ඇතුල් වූ විට අතික්‍රමණ පාඨමාලාව දකින්නට නොහැකි නම්) පමණක්
ඔබ විසින් නැවත ලියාපදිංචි වී අපට generalsupport@iini.zendesk.com වෙත දන්වා එවිය යුතුයි.

එවිට කලින් ගෙවීම නැවැත්තූ පාඩමේ සිට පාඩම් කරගෙන යාමට අපි ගිණුම සකස් කර දෙන්නම්.

(සාමාන්‍යයෙන් නැවත ලියාපදිංචි වූ පසු පෙනෙන්නේ පළමු පාඩම පමණයි ).

නැවත ලියාපදිංචියේදී යම් ගැටළුවක් පැන නගීනම් අපිට generalsupport@iini.zendesk.com වෙත
ඊමේල් එකක් එවා දැනුම් දෙන්න.

ගෙවීම් – ස්වයංක්‍රීය අය වීම මෙම මස පළමු උත්සාහයේදී අසාර්ථක වූ බවට මට ඊමේල් එකක් ලැබුණා, මම නැවත වෙනම මුදල් ගෙවා ලියාපදිංචි විය යුතුද?

නැහැ. හැකිනම් මාසික ගාස්තුව (USD 11 ) ගිණුමට තැන්පත් කරන්න, නැවත වෙනම ගෙවා ලියාපදිංචි වන්න අවශ්‍ය නැහැ.

ස්වයංක්‍රීය අය වීම සිදු කිරීමට උත්සාහ ගන්නා පළමු අවස්තාවේ ගාස්තු සඳහා ප්‍රමාණවත් මුදල ගිණුමේ නොතිබුණහොත් මතක් කිරීමක් ලෙස 
තව ඊමේල් එකක් ලැබේවි හැකිනම් ඉදිරි සතිය තුල එම මුදල ගිණුමට තැන්පත් කරන්න කියලා.

ඉන් පසුවත් ස්වයංක්‍රීය අය කර ගැනීම වරින් වර එම සතිය තුල තව තුන් සැරයක් උත්සාහ කරනු ලබයි.

එසේත් අය කර ගැනීමට නොහැකි වූවොත් පමණයි ඔබගේ ගිණුම/පාඨමාලාව අක්‍රීය වන්නේ. 

අය කරගැනීම අසාර්ථක වී ඔබගේ ගිණුම අක්‍රීය වී ඇත්නම් (ඔබට ගිණුමට ඇතුල් වූ විට අතික්‍රමණ පාඨමාලාව දකින්නට නොහැකි නම්) පමණක්
ඔබ විසින් නැවත ලියාපදිංචි වී අපට generalsupport@iini.zendesk.com වෙත දන්වා එවිය යුතුයි.

එවිට කලින් ගෙවීම නැවැත්තූ පාඩමේ සිට පාඩම් කරගෙන යාමට අපි ගිණුම සකස් කර දෙන්නම්.

(සාමාන්‍යයෙන් නැවත ලියාපදිංචි වූ පසු පෙනෙන්නේ පළමු පාඩම පමණයි ).

නැවත ලියාපදිංචියේදී යම් ගැටළුවක් පැන නගීනම් අපිට generalsupport@iini.zendesk.com වෙත ඊමේල් එකක් එවා දැනුම් දෙන්න.

ගෙවීම් – මම මෙම මස ස්වයංක්‍රීය අය වීමෙන් පසු ගිණුම අක්‍රීය කරන්නැයි ඉල්ලා සිටියොත් ඉදිරි පාඩම් කිහිපය මට නැතිවෙනවාද?

නැහැ. ඔබ කලින් දැනුම් දුන්නත් ඔබගේ ඊලඟ අය වීමට පෙර දිනයේ ගිණුම අක්‍රීය වන ලෙසයි අපි කටයුතු කරන්නේ.

එම නිසා ඊලඟ අය වීමට පෙර නිකුත්වන පාඩම් ඔබට බලන්න පුළුවන්.

ගෙවීම් – මගේ ගිණුමෙන් ස්වයංක්‍රීය අයවීම සිදුවීමට නියමිත කවදාද?

ඔබගේ ස්වයංක්‍රීය අයවීම සිදුවන දිනය තීරණය වන්නේ ඔබ මුලින් ලියාපදිංචි වූ දිනය අනුවයි.

ඔබ ලියාපදිංචි වූ දිනයේ සිට මාසයකින් ඊලඟ මාසයට ස්වයංක්‍රීය අය වීම සිදු වෙනවා.

උදාහරණයක් ලෙස ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූයේ සැප්තැම්බර් 10 වනදා නම් ඔබගේ ඊලඟ ස්වයංක්‍රීය අය වීම සිදු වන්නේ ඔක්තෝබර් 10 වනදායි.

ගාස්තුව ස්වයංක්‍රීයව අය වීමට සතියකට පමණ පෙර ඊමේල් එකකින් ඔබට මතක් කිරීමක් ලැබේවි.

ස්වයංක්‍රීය අය වීම සිදු කිරීමට උත්සාහ ගන්නා පළමු අවස්තාවේ ගාස්තු සඳහා ප්‍රමාණවත් මුදල ගිණුමේ නොතිබුණහොත් මතක් කිරීමක් ලෙස 
තවත් ඊමේල් එකක් ලැබේවි හැකිනම් ඉදිරි සතිය තුල එම මුදල ගිණුමට තැන්පත් කරන්න කියලා.
 

ඉන් පසුවත් ස්වයංක්‍රීය අය කර ගැනීම වරින් වර එම සතිය තුල තව තුන් සැරයක් උත්සාහ කරනු ලබයි.

එසේත් අය කර ගැනීමට නොහැකි වූවොත් පමණයි ඔබගේ ගිණුම/පාඨමාලාවට පිවිසුම් අක්‍රීය වන්නේ.

ගෙවීම් – ස්වයංක්‍රීය අයවීම කිහිප වරක් අසාර්ථක වී මගේ ගිණුම අක්‍රීය වී තිබෙනවා. මම නැවත පාඨමාලාවට සම්බන්ද වීමට කළයුත්තේ කුමක්ද?

ඔබට නැවත ගිණුම සක්‍රීය කර ගැනීමට අවශ්‍ය නම් https://intellectii.global/online-courses/ පිටුවට ගොස් පහලට scroll කොට සිංහල මාධ්‍යයට switch වී අතික්‍රමණ වෙත නැවත ලියාපදිංචි වන්න.

එවිට ඔබට පළමු පාඩම පමණක් පෙනේවි.

ඉන් පසු අපිට generalsupport@iini.zendesk.com ලිපිනයට ඊමේල් එකක් එවා දැනුම් දෙන්න, ඔබ ගෙවීම නැවැත්තූ පාඩමේ සිට පාඩම් නැවත කරගෙන යාමට අපි එතකොට ගිණුම සකස් කර දෙන්නම්.

(නැවත ලියාපදිංචියේදී යම් ගැටළුවක් පැන නගීනම් අපිට generalsupport@iini.zendesk.com වෙත ඊමේල් එකක් එවා දැනුම් දෙන්න.)

ගෙවීම් – Intellective Initiative ආයතනය යොදාගෙන ඇති ගෙවීම් ක්‍රමය සුරක්ෂිතද? Intellective Initiative ආයතනයට මාගේ බැංකු Card පතෙහි සියළු විස්තර පෙනෙනවාද?

අප ආයතනයට බැඳෙන සිසුන්ගේ තොරතුරු කිසිදු අයුරකින් අනිසි ලෙස භාවිතා වීම වලක්වා ගැනීමට 
සෑමවිටම ඵලදායී ආරක්ෂක විදිවිධාන පාවිච්චි කිරීමට Intellect Initiative ආයතනයේ අපි උත්සහ කරමු.

එමනිසා අප ආයතනයට බැංකු කාඩ් පත් හරහා කරන ගෙවීම් සියල්ල Stripe, Inc ආයතනය මැදිහත් වී ඒ හරහා සිදු කරනු ලැබේ.

ඔබගේ බැංකු කාඩ් සහ ගෙවීම් සම්බන්ද විස්තර කිසිදිනක කිසිවිටක Intellect Initiative ආයතනයේ Save වෙන්නේ නැත. ඒවා තැන්පත් වෙන්නේ Stripe තුලයි. Intellect Initiative ආයතනයේ අපිට Stripe තුලින් දක්නට ලැබෙන්නේ ඔබගේ කාඩ් පතෙහි අවසාන ඉලක්කම් හතර සහ ඔබගේ ඊමේල් ලිපිනය 
වැනි ඉතා සීමිත තොරතුරු කිහිපයක් පමණයි.

Google, Amazon, Zoom වැනි දැවැන්තයින් විසින් ඔවුන්ගේ පාරිභෝගික ගෙවීම් ආරක්ෂිතව කිරීමටද පාවිච්චි කරන්නේ Stripe සේවාව කියා ඔබ මේ වන විටත් දැනුවත් ඇති.

සුරක්ෂිත Stripe සේවාව පිළිබඳ වැඩි විස්තර මෙතැනින් බලන්න –> https://stripe.com/