ඔබ පටන් ගන්නා සතිය පළමු සතිය වේ. එතැන් සිට සති පතා ඔබ වෙත වීඩියෝ මගින් පාඩම් නිකුත් වේ.
සමහර පාඩම් වලට අදාලව ඔබටම ආවේනික මෙවලම් Brainlab ඇප් එක කරහා රන්දික විජේසිංහ මහත්මයා ඔබට ලබා දෙනු ඇත.
ඔබට පාඩම් වල අන්තර්ගතයට අදාල ඕනෑම ගැටළුවක් රන්දික විජේසිංහ මහත්මයාගෙන් ඊමේල් මාධ්‍යයෙන් විමසිය හැක. ඔහු විසින් පෞද්ගලිකව ඒවාට ඊමේල් මාධ්‍යයෙන් පිළිතුරු ලබා දෙනු ඇත.
ඔබට අවශ්‍ය ඕනෑම දිනක පාඨමාලාව ඇරැඹිය හැක. නමුත් පාඩම් වල අනුපිළිවෙල තීරණය කරන්නේ රන්දික විජේසිංහ මහත්මයා විසිනි.
පාඨමාලා කාල සීමාව (මාස 12) අවසන් වීමෙන් පසුව පාඩම් නැරඹීම අක්‍රිය වේ. එම නිසා හැකි අවස්ථාවල ඉදිරි ප්‍රයෝජනය සඳහා සටහන් දමා ගැනීම උචිතයි.
ගාස්තු අය කරන ආකාරය
අතික්‍රමණ පාඨලාමාවට ලියාපදිංචි වූ පසු, ලියාපදිංචි වන මාසයේ සිට සෑම මසකම USD 11 ගණනේ මාස් පතා මාස 12 ක් අය කරනු ලැබේ. මෙම අය කිරීම සෑම මසකම ස්වයංක්‍රීයව සිදුවනු ලැබේ. එක්වර විශාල මුදලක් කපා ගැනීම කිසි විටක නොකෙරේ. මසකට USD 11 ක් පමණි.
එමෙන්ම ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ලියාපදිංචිය අත්හිටුවිය හැක. එසේ කිරීමට අවශ්‍ය නම් අප වෙත පහත ඊමේල් ලිපිනයට ඊමේල් එකක් එවන්න:
generalsupport@iini.zendesk.com
එවිට අප විසින් ඔබගේ ගිණුම අක්‍රීය කර ඔබ වෙත දන්වන්නෙමු.
ගිණුම අක්‍රීය වූ විට ඔබට එතෙක් ලැබුණු පාඩම් වලට පිවිසුම් ඇහිරෙනු ඇත. එමෙන්ම ඉදිරි මාස වල අය කිරීම් නවතිනු ඇත.
(පාඨමාලාවට හෝ කලින් නිකුත් වූ පාඩම් වලට පිවිසුම් සක්‍රීයව තබා අයවීම් පමණක් අක්‍රීය කිරීමට නොහැකියි.)
ඔබට නැවත ලියාපදිංචි වන්නට සිතුනොත් කලින් ලියාපදිංචියේදී අවසානයට මුදල් ගෙවූ පාඩමේ සිට ඉදිරියට යෑමට සකසා දිය හැක.
එසේ කිරීමට නම් අක්‍රීය කිරීමෙන් මාස 6ක් ඇතුලත ඔබ කලින් ලියාපදිංචි වී සිටි රීමේල් ලිපිනයෙන්ම නැවත ලියාපදිංචි වී, අප වෙත ඊ මේල් මගින් දන්වන්න. (එසේ එවිය යුතු ඊමේල් ලිපින පාඨමාලාවට ලියාපදිංචි වූ පසු ඔබට ලබා දෙනු ඇත)
පාඨමාලා කාලය වන මාස 12 අවසානයේ ඔබගේ ස්වයංක්‍රීය අයවීම නවතින අතර ඔබට ඉන් පසු පසුගිය පාඩම් බැලීමට නොහැකි වේ. එම නිසා හැකි සෑම විටකම ඉදිරියේදී කියවීමට සටහන් දමාගන්නා ලෙස අපි සිසුන්ට යෝජනා කරමු.
පාඨමාලාවට ඔබ ලියාපදිංචි වූ පසු ඔබ යම් හේතුවක් නිසා ඔබගේ සිතැඟි වෙනස් කොට ඔබ පාඨමාලාවට ගෙවූ මුදල් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් හෝ නැවත ලබාදෙන්නට යැයි ඉල්ලීම් කලත් අපගේ ආයතනයේ නීති හා රෙගුලාසි වලට අනුව අපට එසේ කල නොහැක.
ඔබට අවශ්‍ය නම් ඔබගේ ලියාපදිංචිය අක්‍රීය කොට ඉදිරි අයවීම් නැවැත්වීමට අපට පිළිවන්. නමුත් ඔබ සක්‍රීය ලියාපදිංචියක් සඳහා කර තිබෙන යම් ගෙවීමක් තිබේ නම් එය අපට නැවත ලබාදිය නොහැකි බව කරුණාවෙන් සළකන්න.
ඔබගේ කාඩ් පතේ Master හෝ VISA යැයි සඳහන් කොට ඇතිනම් ඔබට එම කාඩ්පත භාවිතා කරමින් ලියාපදිංචි විය හැක.
රජයේ බැංකුවකින් නිකුත් කරන ලද කාඩ්
ඔබට ඇත්තේ රජයේ බැංකුවකින් නිකුත් කරන ලද කාඩ් පතක් නම් නම් ඔබ බැංකුවට ගොස් එම කාඩ්පත විදේශ ගෙවීම් සඳහා සක්‍රීය කර ගත යුතුයි.
එය ඔබට බැංකුවෙන් ඉතා පහසුවෙන් කර ගත හැකියි.
මහජන සහ NSB බැංකු කාඩ් එම බැංකු තුලින් ගන්නා කිසියම් ක්‍රියාමාර්ගයක් නිසා ගෙවීම් කිරීමට යොදාගත නොහැකි බව කරුණාවෙන් සළකන්න.
පෞද්ගලික බැංකුවකින් නිකුත් කරන කාඩ් පතක් නම් කෙලින්ම වැඩ කරනු ඇත.
සුරක්ෂිත භාවය
ඔබගේ කාඩ් පත පිළිබඳව විස්තර www.intellectii.global වෙබ් අඩවියේ කිසිදිනෙක වාර්තා කර තබා ගන්නේ නැත. එය Stripe ආයතනය විසින් සුරක්ෂිතව වාර්තා කර ගනී. Stripe යනු ජාත්‍යන්තරව විස්වාශය දිනාගත් සුරක්ෂිත ආයතනයකි. ගූගල්, ඇමසන් හා සූ(z)ම් (zoom) වැනි දැවැන්ත ආයතන පවා තම සේවාදායකයින්ගෙන් මුදල් අය කිරීමට භාවිතා කරන්නේ Stripe ආයතනයයි.
Stripe ආයතනය ගැන වැඩි විස්තර එම ආයතනයේ වෙබ් අඩවියෙන් ඔබට ලබා ගත හැක.
https://stripe.com
තාක්ෂණික දෝෂ
ඔබට තාක්ෂණික ගැටළුක් පැන නඟී නම් එය පහත ලිපිනයට යොමු කරන්න.
tech@iini.zendesk.com
අප වෙත නිතරම යොමු වන ගැටළුවලට පිළිතුරු (FAQ) සහ ආයතනික නීති හා රෙගුලාසි පහත ලින්ක් හරහා ඔබට පරිශීලනය කල හැක.
FAQs
Athikramana Terms & Conditions
Athikramana Course Policies
*ආයතනික නීති සහ රෙගුලාසි අදාල වේ.